දෙදහස් පන්සිය වසරක්
දෙදහස් පන්සිය වසරක් අභියස
විශ්මිත නිමැවුම් දස්කම් පෑ
ඉන්දු සයුරෙ මුතු ඇටයයි ලක්බිම
උදාර පින්බර – දෙරණකි මේ රට
ලස්සන ශ්රී ලංකා – සුන්දර මව් ලංකා…
දුටුවන් මන බඳිනා – සීතල කඳුකරයේ….
සීගිරියේ රන් බිතු සිතුවම් සිරි…
සීගිරි ළඳුනගෙ සිරිය ගෙනේ….
හෙළ රජ දවසක සිරි ඉතිරේ…
දෙදහස් පන්සිය වසරක් අභියස…….
හෙළ රජ සමයේදී – යහමින් රැක ගත් ඒ….
පරපුර බැබලිනි අභිමන් අතරේ….
රැකගමු අපගේ මව්බිම මේ…..
එක මවකගෙ දරු කැලක් වගේ….
දෙදහස් පන්සිය වසරක් අභියස…
[Singer]
Malinda Fernando
[Lyrics]
Inoka Dassanayake
[Melody]
Ravindra Fernando
[Harmony]
Dr. Anura Fernando
[Voice Recording and Mixing]
Aruna Thamel, Katuneriya
[Music Tract]
Suren Karunarathna, Katuneriya
Source